විදුලිබල මණ්ඩළයේ සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු (ආචාර්ය) නරේන්ද්‍ර ද සිල්වා විසින් අද එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

2023 දෙසැම්බර් 18 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2363/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදුලි සැපයුම් දැන්වීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට ප්‍රකාශයට පත්කරනා ලදි.

කෙසේ වෙතත්, සේවකයින්ට හදිසි අවශ්‍යතා සඳහා අදාළ අංශවලට හෝ ශාඛාවලට අනුයුක්ත විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබා ගත හැකිය.

මීට අමතරව, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලකරමින් අද සිට තෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ලංවිම සේවක සංගමය නිවේදනය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!