වැස්ස නිසා බඩ ඉරිඟුවලට රෝගයක්. දැනටමත් අක්කර දහස් ගානක් විනශයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් බඩ ඉරිගු වගාව ආශ්‍රිත රෝගී තත්වයක් පැතිර යමින් ඇතිබව උතුරු මැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ බුද්ධික අබේසිංහ ප්‍රකාශ කළේය.

කොකුඅංගමාරය හෝ කඳ කුණුවීමේ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය අනුරාධපුර මොණරාගල ,අම්පාර සහ හම්බන්තොට වැනි ප්‍රදේශ ආශ්‍රිතව හඳුනාගෙන ඇතිබව ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ හේතුවෙන් මේවන විට අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇතිබව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!