වැලිකන්දේ බස් අනතුරකින් 30 ක් රෝහලේ.

පොලොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී අද (30) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රදේශීය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකි.

අද උදෑසන 7 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!