වැඩ වර්ජනය හෙට තාවකාලිකව අවසන් වේ

දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

සිය ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් එලෙස වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

අපේක්ෂිත විසඳුම් නිශ්චිතව ප්‍රකාශයට පත් කරන තුරු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව බදු සටන ඉදිරියට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *