වැඩ බලන මුදල් අමාත්‍ය තනතුරට රංජිත් සියඹලාපිටිය පත්වෙයි.

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 27 වනදා දක්වා සිංගප්පූරු හා ජපාන සංචාරයක නිරතව සිටීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇත.

ජනාධිපතිවරයා මෙම සංචාරය නිමකර නැවතත් දිවයිනට පැමිණෙන තෙක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කටයුතු කරනු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *