වැඩබලන පොලිස්පති ධුරයට දේශබන්ධූ තෙන්නකෝන් පත්කරයි .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාස තුන සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

දේශබන්ධු තෙන්නකොන් ගේ පත්කිරීම සම්බධයෙන් ජනාධිපති සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර පැවති මතබේදය මෙ අනුව නිමාවී ඇතිබව වාර්තාවේ. ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සාගල රත්නායකද දේශබන්ධූ තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමට විරුද්ධව අදහස් දක්වා ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දේශබන්ධූ තෙන්නකොන් ගාළු මුවදොර අරගලයට පහරදීම වලක්වා නොගැනීම පිළිබඳ චෝදනාවට ලක්වු අයෙකි. කෙසේ වෙතත් පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පසු ඉහළම සුදුසුකම් සහිත තැනත්තා වනුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!