වැට් නිසා රෝගීන් බෙහෙත් බීම අත් හරියි

වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් ඖෂධ මිල ගණන් 25%කින් පමණ ඉහළ යාමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසනුයේ පසුගිය කාලයේදී ඖෂධ හා සෞඛ්‍ය උපකරණවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේ වසරේදී ඖෂධ මිල මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යාම කිසිසේත්ම දරාගත නොහැකි අර්බුදයක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

මේ වන විටත් බෝ නොවන රෝග ඇති රෝගීන් ලක්ෂ ගණනක් ඖෂධ ගැනීම අතහැර දමා ඇති බවත් එය රටක් ලෙස බරපතළ තත්ත්වයක් බවත් හෙතෙම අනතුරු අඟවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!