වැට් නිසා ගෑස් මිල හෙට සිට ඉහළට

නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට ගෑස් මිල සැළකිවයුතු ගණනකින් ඉහළ යාමට නියමිත බව වාර්තාවේ.

කෙසේ වෙතත් ගෑස් සඳහා මෙතෙක් අය කළ වරාය හා ගුවන් සේවා බද්ධ 2.5%ක ප්‍රමාණය ඉවත් කර තිබේ. එම නිසා 15.5% කින් ගෑස් මිල ඉහළ යාමට නියමිත බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

නව බදු ප්‍රතිශතය එකතු වීමත් සමග ලිට්‍රෝ ගෑස් සමාගමේ කිලෝ ග්‍රෑම් දොළහමාරක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500කට ආසන්න ගණනකින් මිලකින් ඉහළ යාමට නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!