”වාහන ගේන්න දැන්ම බෑ” මහබැංකු අධිපතිවරයා කියයි.

වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ නියෝජිතයන් සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර අද සාකච්චාවක් පැවැත්වුනි. එහිදීද නැවත වාහන ආනයනය කිරීම සඳහා තම සංගමය කළ ඉල්ලීමට මහබැංකු අධිපතිවරයාගෙන් සාධනීය පිළිතුරක් නොලැබුන බව එම සංගනයේ සභාපති ශාන්ත ගමගේ පැවසීය.

එහෙත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමුකිරීමට මහ බැංකු අධිපතිවරයා එකඟවූ බව එම සංගමය පවසයි. එලෙස පොලී අනුපාත අඩුවීමක් සිදුවුවහොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ ආරක්ෂා වනු ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *