වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉවතට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ එම ධූරයෙන් ඉවත්කර නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බව වාර්තා වේ. පසුගිය ඉරිදා පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට පැමිණ ඇත.

එළබෙන 20 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය නව කැඳවුම්කරු ලෙස පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *