වසංගත මට්ටමින් පැතිරෙන සරම්ප මඬින්නට අමතර එන්නත් මාලාවක්

2023 මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවේ සරම්ප රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රවනතාවයක් පවතින බව වසංගත රෝග අංශය වාර්තා කරයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර සරම්ප එන්නත් මාලාවක් ලබාදීමට සූදානමින් පසුවේ . ඒ සඳහා UNICEF ආයතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විට දිවයින පුරා රෝගීන් 700 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්ක නවයක අමතර එන්නතල් ලබාදීමේ ව්‍යාපාරයේ පළමු අදියර ජනවාරි 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

ඉලක්කගත දිස්ත්‍රික්ක අතරට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළත් වන අතර, අධික ජන ඝනත්වය සරම්ප ව්‍යාප්තියට හේතු වී ඇත. ජනවාරි 20 දිනට නියමිත දෙවන අදියර, රට පුරා අතිරේක වයස් කාණ්ඩ ආවරණය කරමින් ලබාදීමට නියමිතය .

රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණයේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, පවසනුයේ ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණයක් සහිතව වුවද, විශේෂයෙන් කළාපීය වශයෙන් පැතිර යන විට සරම්ප පැතිරීම සිදුවිය හැකි බවයි .

වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාශීලී පියවර ගනිමින් සිටීනා බවත්, එම උත්සහයට සහය දීමට ලැබීම පිළිබඳව UNICEF ආයතය සතුටට පත්වෙන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත 1984 සිට ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කර ඇත. 2019 දී ශ්‍රී ලංකාව සරම්ප වලින් තොර රටක් බවව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකශයට පත්කළද, 2020 සිට 2022 දක්වා ගෝලීය ප්‍රතිශක්තිකරණ ආවරණය පහත වැටීම හේතුවෙන් මෑත කාලයේ යළිත් සරම්ප රෝගය කළාපීය වශ‍යෙන් ඉහළ යමින් තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!