වයස 35 ට වැඩි අයගෙන් 30% කට අධි රුධිර පීඩනය..

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ට වැඩි අයගෙන් 30% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන අතර එම වයස් කාණ්ඩයේ සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙන බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් සියයට 10ක් තරබාරුකමෙන් පෙළෙන අතරේ ළමුන් අතර දියවැඩියා රෝගයද ඉහළ යමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ මාර්ග සහ ගෘහස්ථ අනතුරු ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර රෝහල්වලට ඇතුළත් වන මුළු මිලියන 6 න් මිලියනයක් හදිසි අනතුරු හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ දිනකට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 30 ක් පමණ ද මාර්ග හා ගෘහස්ථ අනතුරු හේතුවෙන් වාර්ෂිකව 12,000ක් ද මියයන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!