වයස අවුරුදු 12 න් පහළ ළමුන්ට නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ජූලි මස 03 වන දින සිට සතියක් පුරා විශේෂ වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

එදින වයස 12 න් පහල ළමුන් සදහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත පැවසීය.

මෙදින සතූන් සහ ඔවුන්ගේ ජීවත්වන පරිසරයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ආකල්පමය දැනුමක් ජනතාවතුල වර්ධනය කිරීම සදහා වන වැඩ සටහන් මෙන්ම ළමුන් සදහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩ සටහන් රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *