රෂීඩ් ඛාන් වනිඳු හසරංගගේ කිරුළ උදුරාගනී

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට නැවතත් පැමිණීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබේ. ඒ අනුව එහි පෙරමුණේ සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ.

පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇති බව වාර්තා වේ.

20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ඇති අතර වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 695ක් ලබා සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *