වත්කම් බැරකම් ලබාදිය යුතු නව පුද්ගල ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි

ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලනඥයින්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක් ලක්ෂ පනස් දහසක මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවකයන්ගේද, මාධ්‍ය ප්‍රධානීන්ගේද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා නව පනතට අනුව ක්ෂේත්‍ර තිස් එකක තැනැත්තන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර භාරදිය යුතු බව මේ අනුව ප්‍රකාශ කර ඇත.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!