වට්ස්ඇප් වෙතින් තවත් අලුත් වැඩක්

වට්ස්ඇප් මෘදුකාංගය හරහා තවත් නව පහසුකමක් පරිශීලකයින් වෙත ලබාදීමට තීර‍ණය කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව පරිශීලකයෙකු විසින් වට්ස්ඇප් හරහා යවනු ලබන පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත සංස්කරණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව එම සමාගම සඳහන් කරයි.

පරිශීලකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර නව පහසුකම ලබා දීමට එම සමාගම තීරණය කර ඇති අතර, ඉදිරි සති දෙක තුළ දී වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරනු ලබන පරිශීලකයින් වෙත එම පහසුකම ලැබෙනු ඇති බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *