වගාවන් වනසන සතුන් අතර රිලව ප්‍රමුඛ වේ.පසුගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් ආසන්නව විනාශයි.

ලංකාවේ වගාවන් වනසන අංක එකේ සතා රිලවා බවත් ගිය අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 200 ක් ආසන්නව විනාශ වී ඇති බවත් වාර්තා වේ.

පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරේදී පමණක් පොල් ගෙඩි මිලියන 200ක් රිළවුන් විනාශ කර දමා ඇති බවද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඊට අමතරව මෙම වසරේ පළමු කාර්තුව තුළ දී වනසතුන් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇති බව එම ආයතනය නිකුත් කරන ලද වාර්තාවකින් පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම වසරේ වනසතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස එම ආයතනයට කළ දැනුම් දීමකට අනුව මෙම වාර්තාව නිකුත් කර ඇත .

මෙම වගා හානි අතරින් වැඩිම වගා හානියක් සිදු කර තිබෙන්නේ රිළවුන්ගෙන් බව පෙනී එම වාර්තාව පවසයි. වගා හානි සිදු කරන අනෙකුත් සතුන් අතර පිළිවෙළින්වල් ඌරා, මොණරා, දඩුලේනා, ඉත්තෑවා හා වදුරන් ද අයත් වේ.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරීදි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හාපුහුණු ආයතනය පසුගිය වසරේ දී ගොවි ජන සේවා වසම් 464ක වගා හානි සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කර ඇත.

එම වාර්තාව අනුව ද මෙරට වගාවන්ට වැඩිපුරම හානි කරන සත්ත්වයා රිළවා බව සනාථ විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *