ලෝක මැරතන් ශූර කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියයයි..

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) සහ ඔහුගේ පුහුණුකරු ගර්වයිස් හකිසිමානා (Gervais Hakizimana) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

24 හැවිරිදි කෙල්වින් කිප්ටම් සහ 36 හැවිරිදි ගර්වයිස් හකිසිමානා, කෙන්යාවේ එල්ඩෝරේට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙල්වින් කිප්ටම් (Kelvin Kiptum) සහ ඔහුගේ පුහුණුකරු ගර්වයිස් හකිසිමානා (Gervais Hakizimana)

එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් තරගයේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව කෙල්වින් කිප්ටම් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බිඳදැමුවේය. ඒ සැතපුම් 26.1ක තරගය පැය 2යි තත්පර 35 කින් නිමා කරමිනි.

මෙම අනතුර පිළිබඳව විදෙස් මාධ්‍යයන් වෙත වැඩිදුර තොරතුරු ලබාදෙමින්, කෙන්යානු පොලිසිය සඳහන් කර ඇත්තේ, කිප්ටම් රියදුරු බවත්, වාහනය පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගිය බවත්ය.

කෙන්යානු ක්‍රීඩා අමාත්‍ය අබාබු නම්වම්බා X හි මෙම ජිවිත අහිමි වීම සම්බන්ධයෙන් මෙසේ සදහන් කර ඇත. “Devastatingly sickening!! Kenya has lost a special gem. Lost for words.”

කෙන්යාවේ විපක්ෂ නායිකා සහ හිටපු අගමැති රයිලා ඔඩිංගා ද සදහන් කර ඇත්තේ, සැබෑ වීරයෙකු රටට අහිමි වී ඇති බවයි.

තව ද ලෝක මලල ක්‍රීඩා සභාපති සෙබස්තියන් කෝ, කිප්ටම්ගේ මේ හදිසි සමුගැනීම පිළිබඳව මෙසේ සදහන් කර ඇත. Kiptum was “an incredible athlete leaving an incredible legacy, we will miss him dearly”.

කෙල්වින් කිප්ටම් කෙන්යාවේ යොවුන් මළල ක්‍රීඩාවේ බලාපොරොත්තුවක් දැල් වූ ක්‍රීඩා තරුවක් වන අතර ඔහුගේ මෙම හදිසි මරණය මලල ක්‍රීඩාවේ අදුරු නිමේෂයක් සටහන් කරයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!