ලූණු ප්‍රශ්ණය දෙසතියෙන් ඉවරයි.

ඉන්දියාව විසින් ලොකු ලූණූ ආනයනය නතර කිරීමත් සමග දේශීය වෙළදපොළේ ලූණු මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වූ බව තමා පිළිගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි . අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “ස්ථාවර දේශයකට සාමූහික මාවතක්” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති මාධ්‍ය හමුවකදීය.

පාකිස්ථානය ඉන්දියාව ලූණු අපනයනය නතර කිරීමේ වාසිය ලබාගනු වස් අපනයන බද්දක් පනවා අතිබවත් එබැවින් පකිස්ථානයෙන් ලූණු ආනයනය ප්‍රායෝගික නොවනා බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් ඉන්දියාව ඉදිරි සති දෙක තුළ ලූණු අපනයන තහනම ඉවත් කීරීමට සූදානම් බව දැනගන්නට ලැබී ඇති බවත් ඒ අනුව දෙසතියක් තුළ ලූණූ මිල පහත වැටෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!