ලබන වසරේ සිට දේපළවලටත් බද්දක්

2025 වසරේදී දේපළ සඳහා නව දේපළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. සෘජු බද්දක් ලෙස අය කර ගන්නා මෙම දේපළ බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මීට අමතරව නව වක්‍ර බදු හඳුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ. වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවද භාණ්ඩවල ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!