ලබන මස සිට ජල ගාස්තුව වැඩි වෙයි

2024 ජනවාරි සිට ජල ගාස්තු 3% කින් ඉහළ දැමීමට සිදුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

දැනට ක්‍රියත්මක 15% වැට් බද්ද 18% දක්වා ඉහළ දැමිම නිසා මේ ආකාරයෙන් ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇතිබව ජල සම්පාදන මණ්ඩළය පවසයි . සංශෝදිත නව වැට් බද්ද ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙසැම්බර් 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!