ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ජත්‍යන්තර මුල්‍ය අරමුදලට දොස්

පසුගිය සැප්තැම්බර් මාසයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජනවරමක් අවශ්‍ය බව කී ජත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විට ආණ්ඩුව සමග ගණුදෙනු කරන්නේ ඊට හදිසි ජනවරමක් ලැබී ඇති නිසාදැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව අමතමින් අද විමසීය.

ආණ්ඩුවට විපක්ෂය සමග සාකච්ඡා කර එකඟතාවයක් සහිතව මුල්‍ය අරමුදල වෙත යාමට තිබූ බවද පැවසූ ඔහු ජනතාව මේ වන විට විශාල පීඩනයට ලක්ව සිටින කාරණා සම්බන්ධයෙන් සහාය දීමට නොහැකි බවද කියා සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *