ලංවීම වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් පාර්ලිමේන්තුව ගැන බොරු කියලා

පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති කාර්යාලයේ මාස ගාණක විදුලි බිල් ගෙවා නැති බවට ලංකා විදුලි බලමණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවත්, එම ආයතන දෙක සියළු බිල්පත් නිරවුල් කර ඇති බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පාර්ලිමේන්තුවෙදී අද පැවසීය.

ඒ අනුව අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධව ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්ණ කළ යුතුබවත්, හිතාමතාම ජනතාව නොමග යවනා අදහසින් ඔහු මෙම ප්‍රකාශය කර අතිබවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව සහ ජනාධිපති කාර්යාලය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!