ලංකාවේ කිරි කර්මාන්තය අල්ලන්නට යන අමූල් සමාගම බලන්න අනුර කුමාර යයි.

ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකම නිරීක්ෂණ චාරිකා සඳහා එක්වූ බව වාර්තා වේ.

ඔවුන් ටාටා සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කම්හලක් මෙන්ම සූර්ය බල ශක්ති නිරීක්ෂණකටද සහභාගි වී ඇත .

ඊට අමතරව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබෙනවා.

අනතුරුව ඔවුන් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්ත්වයන් පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ක්‍රියාවලියේ ඒකාධිකාරිය අත්පත් කර ගනීමට අමූල් සමාගම කටයුතු කරනා බවට මීට පෙර ජාතික ජන බලවේගයා ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් මීට පෙර චෝදනා කර තිබුනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!