රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැදවීමට පියවර…

අද පෙරවරු 6.30 සිට පැය 24ක කාලයක් පැවැත්වෙන රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැදවීමට පියවර ගෙන ඇත.

මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමකට අනුවය . මෙම වර්ජනය වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් එකතු වී ආරම්භ කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදුන් DAT දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලීම සහ රුපියල් 35000 ක් ව පැවැති එම දිමනාව රුපියල් 70,000 දක්වා වැඩි කිරිමට විරෝධය දැක්වීමට මෙම වර්ජනය ආරම්භ කර ඇත.

අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් සදහන් කළේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ආරාධනා කළ බවයි.

DAT යනු වෛද්‍ය වෘත්තිය සඳහා වෙන්වූ දීමනාවක් වන අතර එය සෙසු වෘත්තීන් සඳහා අදාල වන්නක් නොවනා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!