රොකට් ප්‍රහාර මධ්‍යයේ යුද්ධය දිගටම. ගාසා තීරය දැවැන්ත මානව ඛේදවාචකයක් අබියස

පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් දියත් කර ඇති අතර එහි සටන්කාමීන් ගාසා තීරය අසල ප්‍රජාවන්ට ඇතුළු වී නිවැසියන් සිය ගණනක් මරා දමා දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගෙන ඇත.

ගාසා තීරය පාලනය කරනා පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සවිධානය ඊශ්‍රායලයේ විනාශ කර එහි ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රතිස්ථාපනය කිරීම්මෙ අරමුණින් ක්‍රිය කරනා කණ්ඩායමකි. 2007 දී ගාසා තීරයේ බලය හමාස් සංවිධානයට හිමිවූ අතර එදා සිට අවස්ථා ගණනකදී ඔවුන් ඊශ්‍රායලය සමඟ යුද්ධ කිහිපයකට පැටලී ඇත.

මේ වන විටත් හමාස්වවරු ඊශ්‍රායලය වෙත රොකට් වෙඩි දහස් ගණනක් එල්ලකර ඇති අතර බරපතල හානි ගෙනා ප්‍රහාර රැස්කද ඒ අතර වෙයි. ඊට අමතරව ඊශ්‍රායලය හමාස් වෙත ගුවන් ප්‍රහාර මගින් නැවත නැවතත් ප්‍රහාර එල්ල කර ඇති අතර එමගින්ද හමාස් පාලනය යටතේ සිටි පලස්තීනුවන් සැලකිවයුතු පිරිසක් මියගොස් ඇත.

ඊට අමතරව ඊශ්‍රායලය විශාල පිරිස් බලයක් යොදවමින් ගාසා තීරය අවහිර කිරීම නිසා එහි බරපතල අර්බුදයක් මතුව ඇතිබව වාර්තා වේ. මේ වනවිට පානීය ජලය පවා නොමැතිව පීඩාවට පත්වු පලස්තීනුවන් එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරුවලට එක්වෙමින් සිටිනා බව වාර්තා වේ.

හමාස් සංවිධානය ත්‍රස්තවදී සංවිධනයක් ලෙස ඊශ්‍රායලය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඇතුළු ර‍රවල් ගණනවක් විසින් නම්කර ඇති අතර. ඉරානය ඇතුලු සීමිත රාජ්‍යන් සංඛ්‍යාවක් හමස්වරුනට පුහුණුව සහ ආධාර සපයයි.

ගාසා තීරය යනු කුමක්ද?

ගාසා තීරය ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර කිලෝමීටර් 41ක් (සැතපුම් 25ක්) දිග සහ කිලෝමීටර් 10ක් පළල භූමි ප්‍රදේශයකි. එය මිලියන 2.3 ක පමණ ජනතාවක් වෙසෙන අතර ලෝකයේ ඉහළම ජනගහන ඝනත්වයන්ගෙන් එකකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *