රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මියයයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත බ්‍රහස්පතින්දා අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ද මෙම අනතුරින් මිය ගිය අතර රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිල ප්‍රකාශයකට අනුව අලුයම 2 ට මෙම අනතුර සිදුවී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් SUV රථය කොළඹ බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රථයක පසුපස කෙළවරේ ගැටීමෙන් මෙම ඛේදජනක අනතුර සිදුව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!