රනිල් ජාතික ජන බලවේගයේ මොළ සෝදා අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ (NPP) මොළ සෝදා අවසන් බවත්, එම නිසා එහි නායකයා ඉන්දීය නායකයින් හමුවට ගිය බවත්, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

“ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දේශන පැවැත්වූ අය අද ඉන්දීය නායකයන් හමුවීමට ගොස් ඇත . අදානි සමූහය සමඟ ව්‍යාපාරවලට යාම ගැන මෙම නායකයින් රජය විවේචනය කළ ආකාරය අපට මතකයි” ඔහු උපහාසාත්මකව පැවසීය.

“ දිරාගිය ඇඳුම් ඇඳගෙන සිටි අය ෆුල් සූට් ඇඳගෙන. මේ පියවර ගැන අපි සතුටු වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ එයාලගේ මොළ සෝදන නිසා.” ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!