රනිල් ගැන රහසක් අනුර කුමාර හෙළි කරයි

එළබෙන මැතිවරණයකදී ආණ්ඩුවක් පිහිටවීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ජාතික ජන බලවේගයට බව සමීක්ෂණවලින් හෙළිවී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ගාල්ලේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් කරුණු දැක්වූ ඔහු පැවසූවේ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරනවාද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා දෙගිඩියාවක සිටින බවය.

මීට පෙර අවස්ථා වලදී ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පාලකයන්ට කිසිදු පැකිලීමක් නොතිබූ නමුත් දැන් කුමන මැතිවරණය පළමුව ප්‍රකාශයට පත් කළ යුතුද යන්න පිළිබඳව පාලකයින් දෙගිඩියාවක පසුවන බව පැවසූ ඔහු, මැතිවරණ දෙකෙන් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!