රනිල් ඉන්දීය රියලිටි තරුව කිල්මිෂා සමග සෙල්ෆියක් ගහයි.

ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු ඉන්දීය රියලිටි තරුවක් වූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් දැරිය අතර හමුවක් අද යාපනයේදී සිදුවිය. දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ ඇය මේ දිනවල ඉන්දීය මාධ්‍යන් හී ඉහළ ජනප්‍රියබවක් දිනා සිටින්නීය.

කිල්මිෂා උදයෂීලන් හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇයට සුභපැතූ අතර කොළඹට පැමිණ තමා හමුවන ලෙස ඇයට ඇරයුමක්ද කළේය.

එහිදී කිල්මිෂා දැරිය පවසා ඇත්තේ ඉන්දියාවේ පැවත්වෙන රූපවාහින වැඩසටහන් අවස්ථාවකට සහභාගී වීම සඳහා ඉන්දියාවට යාමට සිදුව ඇති හෙයන් ඉන්දීය සංචාරයෙන් පසුව ජනාධිපතිතුමන් හමුවීමට පැමිණෙන බවය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!