රන් තැටිය අතුරුදහන් කළ කතරගම කපුවා ඇප මත මුදාහරී.

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) මගින් අත් අඩංගුවට ගත් රුහුණු කතරගම මහාදේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමිපාල රත්නායක රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා නියෝග කළේය.

පාතාල නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කරන ලද කළ රන් පවුම් 38කින් සකස් කළ රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!