රතු මුහුදට හමුදා යවනවාට තානාපතිවරුන්ගේ විරෝධය

රතු මුහුදේ නාවික ගමනාගමනයට බාධා කරමින් ක්‍රියාත්මක හූති ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් ක්‍රියාත්මක කරන නාවික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් යෙදවීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ සිටිනා බටහිර ආසියාතික රටවල තානාපතිවරු සිය අප්‍රසාදය පලකර සිටිති. පසුගියදා ජනධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ ඔවුන් තම අප්‍රසදය මෙසේ පලකර සිටිනා ලදි.

එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඊශ්‍රායලය සමඟ ඇති ආරක්ෂක ගිවිසුම්වලට අනුකූලව එවැනි ක්‍රියාවකට සම්බන්ධවුවත් ශ්‍රී ලංකාවට ඊශ්‍රායලය සමග එවැනි ගිවිසුමක් නැතිබැවින් මෙය අනවශ්‍ය මැදිහත්වීමක් බව ඕවුහු පෙන්වා දුන්හ.

රතු මුහුදේ යාත්‍රා කිරීමේ නිදහස සඳහා තම රටවල් පිළිගන්න බවත්, ඊශ්‍රායලයද ඊට ගරු කළයුතු බවත් ඕවුහු පැවසූහ. එමෙන්ම ඊශ්‍රායලය අත්පත් කරගත් ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ නොකරන ලෙසත් ඕවුහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටීහ.

ශ්‍රී ලංකාව කිසියම් නිශ්චිත රටක් සමඟ නොබැඳි යුධ ස්ථාවරයක් පවත්වාගෙන යන නමුත් නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා නාවික හමුදාවේ නෞකාව යොදවන බව ජනාධිතිවරය පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!