රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 158,300 ක් දක්වා පහළ ගොස් තිබේන අතර පසුගිය සිකුරාදා එය දැක්වුණේ රු. 161,000ක් ලෙසය.

එමෙන්ම සිකුරාදා රු. 175,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 172,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *