යුද්ධය නිම වී අදට වසර 14යි.

දශක තුනක් පමණ පැවති මෙරට උතුරු නැගෙනහිර L.T.T.E ත්‍රස්තවාදය පරාජයට පත් කළ යුද්ධය නිම වී අදට (18) වසර 14ක් සපිරේ.

එහි රාජ්‍ය රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

නන්දිකඩාල් කලපුවේදී L.T.T.E නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, 2009 වසරේ මැයි 18 වනදා යුද හමුදාව අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණ අතර, එම ජයග්‍රහණය වෙනුවෙන් යුද හමුදා , ගුවන්හමුදා , නාවිකහමුදා , පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ විසි අට දහසකට (28000) ආසන්න ප්‍රමාණයක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අතර, විසි හත් දහසකට (27000) අධික යුධ හමුදාවේ භටපිරිස් සටනේදී ආබාධිත තත්ත්වයට පත් වූහ.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිම සහ එල්.ටී.ටී.ඊ විසින් හමුදාවට බඳවාගත් දරුවන් පුනරුත්ථාපනය කිරීම මෙන්ම, උතුරු නැගෙනහිර ජනතාවට නිදහසේ ජීවත්වීමේ පරිසරය උදා කිරීම සඳහා වන ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *