යුක්‍රේනය වෙනුවෙන් යුධ වැදුන ශ්‍රී ලාංකික කුළී සොල්දාදුවන් තිදෙනෙක් මරුට

යුක්‍රේනය වෙනුවෙන් යුධ වැදුන ශ්‍රී ලාකිකයන් තිදෙනෙක් රුසියානු ප්‍රහාරයකින් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතරින් එක් අයෙක් ඇන්ඩෲ රනීෂ් හේවගේ නම් කපිතාන්වරයෙක් බව වාර්තා වෙයි. අනෙක් දෙදෙනාගේ අනන්‍ය තාවය තවමත් තහවුරුව නැත.

මියගිය සහ තුවාල ලැබූ යුක්රේන සොල්දාදුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී රුසියානු ප්‍රහාරයකින් මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා මිය ගිය බවත් එම තිදෙනාම යුක්‍රේනය වෙනුවෙන් කුළී සොල්දාදුවන් ලෙස කටයුතු කළ බවත් රුසියානු පුවත්සේවා පවසයි.

රුසියානු ප්‍රහාරයෙන් මියගිය ඇන්ඩෲ රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ සාමාජිකයෙකු වූ බවත්, ඔහු 2012 සැප්තැම්බර් 30 වැනි දින නීත්‍යානුකූලව ලුතිනන්වරයකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත් වී බවත් ආරක්ෂක ආරංචිමාර්ග තහවුරු කරයි. .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් කළ ඔහු 2022 දී යුක්රේනයේ ආරක්ෂාව සඳහා වන ජාත්‍යන්තර හමුදාවට බැඳීමට තීරණය කළ අතර එහිදී ඔහු ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය.

2022 පෙබරවාරි 27 වන දින, යුක්රේනය රුසියානු ආක්‍රමණයෙන් දින දෙකකට පසුව, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි යුක්රේන භෞමික ආරක්ෂක හමුදාවන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නැයි “යුක්රේනයේ මිතුරන්” ගෙන් ඉල්ලා සිටි අතර එමඟින් යුක්රේනයේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර සේනාංකය පිහිටුවන ලදී.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව ඇන්ඩෲ රනිෂ් හේවගේ යුක්රේන – රුසියානු යුද්ධයේ ඉදිරි පෙළේ අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.

යුක්රේන ජනාධිපතිවරයා විසින් යුධ පිටියේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් කපිතාන් ඇන්ඩෘ රනිෂ් හේවගේට උසස්වීමක් ලබාදුන් බවද වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!