යුක්‍රේනයට ආධාර ලබා දීමට IMF අනුමැතිය

යුද ගැටුම් වලින් බිඳ වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා යුක්‍රේනය අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.

පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරකම් 30% කින් පමණ අඩුවීමත් සමග යුක්‍රේනය දරිද්‍රතාවය කරා ගමන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ය.

අදාළ ආධාර පැකේජයෙන් ඩොලර් බිලියන 2.7 ක් කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන බවත් ඉතිරි මුදල් වසර 4 ක් තුළ හිමිවන බවත් වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව ගැටුම් අඛණ්ඩව පැවතියහොත්, ඩොලර් බිලියන 115 ක් පමණ වන යුක්‍රේනයේ මූල්‍ය අවශ්‍යතාව ඩොලර් බිලියන 140 ක් පමණ දක්වා ඉහළ යනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *