යුක්තිය මෙහෙයුම වහා නතර කරන්නැයි එක්සත් ජාන්තීන්ගේ සංවිධනය ආණ්ඩුවට දන්වයි

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්ධන යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.

මෙම එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවට ප්‍රියා ගෝපාලන් (සභාපති), මැතිව් ගිලට් (සන්නිවේදන පිළිබඳ උප සභාපති), මිරියම් එස්ට්‍රාඩා-කැස්ටිලෝ සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් අධ්‍යනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ මුම්බා මලීලා ඇතුළත් වේ

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට මානව හිමිකම් ඇති බවත්, ඔවුන් තවදුරටත් වෙනස් කොට සැලකීම් සහ අපකීර්තියට මුහුණ නොදී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට සුදුසු බවත් විශේෂඥ කමිටුව නිකුත් කළ වාර්ථාවේ සඳහන් වෙයි.

මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දහස් ගණනක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිය ගණනක් හමුදා විසින් පවත්වාගෙන යනු ලබන අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම තමන් හෙළාදමිනා බවත්, ‘යුක්තිය’ මෙහෙයුමේදී ද වධහිංසා පැමිණවීම් සහ අයහපත් සැලකීම් වාර්තා වන බවත් එම කමිටුව පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ ප්‍රමිතීන්ට අනුකූලව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වත්මන් නීති සම්පාදනය සමාලෝචනය කරන ලෙසත්, මත්ද්‍රව්‍ය පාලනය සහ ප්‍රතිකාර ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදා සම්බන්ධ වීම වහා නතර කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!