යුක්තිය මෙහෙයුම ගැන ජූලී චංග් ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවමින් තිබෙනා ‘යුක්තිය’ මෙහෙයුමේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මතු කරන ලද කරුණු එක්සත් ජනපදය සිය අවධානය යොමුකර ඇත .

මෙ පිළිබඳව ප්‍රකශයක් නිකුත් කරනා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලි චංග පවසනුයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම තමන්ද අවධාරණය කරනා මුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් නීතියේ ආධිපත්‍යයේ මූලධර්මවලට සහ නිසි ක්‍රියාවලියට අනුකූල විය යුතු බවය .

“මෙම සමතුලිතතාවය ඇති කිරීම යුක්තිය සහ මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ,” ඇය පැවසුවාය.

යුක්තිය මෙහෙයුම අතර තුර සිදුවූ ඇතැම් සිදුවීම් මානව හිමිකම් කොමිසමේ දැඩි අවධානයට ලව ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද මෙහෙයුම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!