යුක්තිය මෙහෙයුමේ යුක්තියක් තියනවාද – හිරුණිකා අසයි.

යුක්තිය මෙහෙයුමේ සත්‍ය අසත්‍ය භාවය සහ යුක්ති ගරුක බව ප්‍රශ්ණ සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී තෝරාගත් ප්‍රදේශ මගහරින්නට කටයුතු කරනා බව ඇය සඳහන් කළාය.

“මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන දේශපාලනඥයන් සිටින බව කවුරුත් දන්නා දෙයක්. ඔවුන්ගෙන් සමහරක් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සුබ පතමින් පාතාල කල්ලි නායකයෙකු විසින් දැන්වීම් පුවරුවක් සවිකර තිබෙනවා. එහෙම වෙන්නේ කොහොමද . මෙම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කරන්නේ නැද්ද” ඇය ප්‍රශ්න කළාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!