යුක්තිය මෙහෙයුමේදී තවත් 877 ක් ඇතුලට.

පැය 24ක් තුළ දී සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලේඛන ගත සැකකරුවන් අතර සිටි 28 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර සිටි මත්ද්‍රව්‍ය සදහා තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මෙම මෙහෙයුමෙන් අයිස් ග්‍රෑම් 501ක්, හෙරොයින් ග්‍රෑම් 475ක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 900 ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස්භාරයට ගෙන ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!