යාල සෆාරී රියදුරන්ට ජනවාරි පළවෙනිදා සිට අළුත් නීතියක්

2024 ජනවාරි 1 වැනිදා සිට යාල ජාතික උද්‍යානයට ඇතුළු වීමට අවසර දෙනු ලබන්නේ පුහුණු සහ සහතික ලත් සෆාරි ජීප් රථ රියදුරන්ට පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය පවසනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රියදුරු හැඳුනුම්පත සහ රියදුරන්ගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂා කරන ලෙස වනෝද්‍යාන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවය.

මෙම ප්‍රොටෝකෝල සාර්ථක කරගනු වස් දෙසැම්බර් 30 වන විට සියලුම රියදුරන්ට හැඳුනුම්පත් නිකුත් කරන බවට ඔහු සහතික විය.

තවද, සංචාරකයින්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි සෆාරි රියදුරන් තම පරිශ්‍රවලින් ප්ටත්වීමට පෙර ඔවුන්ගේ හැඳුනුම් පත පරික්ෂා කරන ලෙස ආචාර්ය පිලපිටිය සියළුම හෝටල්වලින් ඉල්ලා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!