මෛත්‍රී, ඝෝඨා ඝාතන චෝදනාව බොරුවක්. ඩී.අයි.ජී නාලක සිල්වා නිදහස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .

මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත්, එබැවින් නඩුව ඉදිරියට ගෙන නොයන ලෙසත් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

2019 වසරේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!