මිලියන 20 ක අරක්කු බෙදන්න ස.ජ.බ සැරසේ

සමගි ජන බලවේගය 2023 ජනවාරි 30 වැනි දින පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී කොළඹට ගෙන ඒමට නියමිත ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කිරීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි .

මෙතරම් විශාල මුදලක් වැය කරනුයේ විරෝධතාවයට සහභාගි වන පිරිසට මත්පැන් ලබාදීමට බවද ඔහු වැඩි දුරටත් පැවසීය .

“SJB නායකතුමාගේ සමීපතමයෙක් විරෝධතාව සඳහා මුදල් ගෙවන බවට සහතික වී තිබෙනවා. මේ පුද්ගලයා පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට මුදල් ගෙවා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වූ බවට චෝදනා එල්ල වෙනවා.” එ.ජා.ප මහලේකම් වැඩිදුරටත් පැවසීය. කෙසේ වෙතත් ස.ජ.බ.මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!