මිලියන තුනක වංචාවකට අදාල චෝදනාවකට දමිතා අබේරත්නට අපේක්ෂිත ඇප.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මාර්තු 6 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ අපේක්ෂිත ඇප ලබාදුන්නේය . කොරියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට ඔවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇත .

මීට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නොතිසි නිකුත්කරන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!