මිලිටරිකරණය වේගවත් කරමින් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් ස.ජ.බ ට එක්වෙයි.

ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට එක්වූ බව එහි ප්‍රකශකයෙක්ම් පැවසීය .

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.

සමගි ජන බලවේගයට එක් වූ ඔහු ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායකගේ උපදේශකවරයකු ලෙස පත් කර ඇත . සමගි ජන බලවේගය සජ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම යුධ හමුදා කිළධාරීන් තම පක්ෂවලට එක් කර ගනීමට දැඩි උත්සහයක් ගනිමින් සිටිනා අතර ඊට සාපේක්ෂව මෙරට සුළු ජන කොටස් එම පක්ෂ දෙකෙන් විතැන් වෙමින් සිටිනා බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!