මිලිටරිකරණය වේගවත් කරමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් දයා සඳගිරිත් ස.ජ.බට එක්වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වන නාවික හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහු සමගි ජන බලවේගයේ සමූද්‍රිය හා නාවික ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත්කිරීමට පියවර ගෙන ඇත. අද්මිරාල් දයා සඳගිරි සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක් සහ පලපුරුද්දක් ඇති අයෙකි.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හර්ෂණ රාජකරුණා යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මීට දෙසතියකට පෙර හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායකද සමගි ජන බලවේගයට එක්වූ අතර ඔහුටද විපක්ෂනායක විසින් උපදේශක තනතුරක් පිළිගන්වන ලදි. එම නිසා මේ වන විට සමගි ජන බලවේගය තුළ බරපතල අභ්‍යන්තර අර්බුදයක් පවා නිර්මාණය වී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජනබලවේගයද රණවිරු බලවේග ගොඩනගමින් සිටී. එම තත්ත්වය නිසා මෙරට සුළු ජන කොටස් බරපතල ලෙස එම පක්ෂ වෙතින් විතැන් වෙමින් තිබෙනා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!