මැච් එකට කළින් ක්‍රිඩාංගනයේ ලයිට් කපලා

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර සිවුවැනි 20-20 තරගය අද රායිපූර්හි ෂහීඩ් වීර් නාරායන් සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහෙත් මේවනතුරුත් එම ක්‍රීඩාංගණයේ විදුලි සැපයුම අක්‍රීය පවතී හේතුව: 2009 සිට විදුලිබිල නොගෙවීම නිසා එහි විදුලි සැපයුම විසන්දි කර තිබිමය

ක්‍රීඩාංගනයේ හිඟ බිල රුපියල් කෝටි 3.16ක් වන අතර, මේ හේතුවෙන් ක්‍රීඩාංගනයේ විදුලිය විසන්ධි කර ඇත. චට්ටිස්ගාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉල්ලීම පරිදි අද තරගය සඳහා තාවකාලික සම්බන්ධතාවයක් ස්ථාපනය කරන ලද නමුත් එමගින් ආවරණය වන්නේ ප්‍රේක්ෂක ගැලරියේ කොටසක් සහ මාධ්‍ය කුටිය පමණක් බව වාර්තාවේ. ඒ අනුව අද තරගයේ විදුලි ආලෝකය විදුලි ජනක යන්ත්‍රයක් භාවිතයෙන් ක්‍රියාත්මක කළ යුතුය.

රායිපූර් ග්‍රාමීය කව භාර අශෝක් ඛන්ඩෙල්වාල් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තාවකාලික සම්බන්ධතාවයේ ධාරිතාවය වැඩි කිරීමට ලේකම් ක්‍රිකට් සංගමය ඉල්ලුම් කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!