”මාළිමාව නීති විරෝධියි ” නාගානන්දගෙන් අධිකරණයට පෙත්සමක්

ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබේ.

ඔහු මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති පෙත්සමකට අදාළවයි.

ජනතා විමුක්ති පෙරමුණේම කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත්, එකම පක්ෂයක විවිධ ශාඛා වෙන් වෙන්ව දේශපාලන පක්ෂ සේ ලියාපදිංචි කිරීම නීති විරෝධී බවත් එම මෝසම මගින් කියා සිටී

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!