මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අල්ලනට CCTV මෙහෙයුමක්

කොළඹ නගරයේ ස්ථානගතකර ඇති CCTV පද්ධතිය ඔස්සේ මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහනක් ජනවාරි 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය .

රථවාහන කොට්ඨාශයේ CCTV පද්ධතිය මගින් හඳුනාගන්නා වැරදි පිළිබඳ වීඩියෝ සාක්ෂි ඒවා සිදුකරන ලද ස්ථනයට අදාල පොලිස් ස්ථානය වෙත යොමු කරන බවත් එම වැරදි සඳහා දඩ පත්‍රිකා රියදුරන්ට නිකුත් කරන බවත් ඔහු පැහැදිලි කළේය.

රථවාහන පොලිස් නිලධාරීන්ට මාර්ග රාජකාරි අතරතුර අවම නීති කඩ කිරීම් හඳුනා ගත හැකි වුවද, CCTV පරීක්‍ෂණයෙන් අත්‍යවශ්‍ය නිරීක්ෂණවලට වඩා නිශ්චිත ස්ථානවල සිදුවන වැරදි ප්‍රමාණය 300% ඉක්මවන ඔහු වැඩි දුරටත් පැවසීය .

වාහන අංක තහඩු ඔස්සේ හිමිකරු හඳුනාගැනීම මත ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් දඩ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන කොළඹදී ආරම්භ කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!