මාර්ගගත පනත සම්මත කරගැනීම ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්ණයක්. රුසියාව කියයි

පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත කෙටුම්පත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් බවත් එයට විදේශයන්හි මැදිහත් වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඔහු පැවසුවේ, එම පනත් කෙටුම්පතට මෙරට සිටින විදෙස් රටවල නියෝජිතයන් අදහස් ප්‍රකාශ කරමින් මැදිහත් වීම කිසිසේත් පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ඔවුන්ට අදාල කරුණක් නොවන බවත් රුසියාවේ මතය බවයි.

රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ රෙගුලාසි පැනවීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් එම පනත් කෙටුම්පතට දේශීය දේශපාලනඥයන් සහ මෙරට සිටින විදෙස් රටවල් නියෝජනය කරන නිලධාරීන් දැක්වූ අදහස් වලට රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වූ බවත් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!